රාජ‍ය කළමනාකරණ සහකාර සේවයේ .....

                           රාජ‍ය කළමනාකරණ සහකාර සේවයේ වැනි III ශ්‍රේණියට භඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2016

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියේ තනතුරුවලට බඳවාගැනීමේ විවෘත තරග විභාගය, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2017 මාර්තු මස පවත්වනු ලබන බව  නිවේදනය කරනු ලැබේ.

2.0 විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්‍ෂණයක ප‍්තිඵල අනුව කුසලතාව මත සුදුසුකම් සපුරා ඇති අපේක්‍ෂකයන්, දිස්ත‍්‍රික්ජනගහන අනුපාත පදනමින් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියේ තනතුරු සඳහා පත් කිරීමට තෝරාගනු ඇත.


පළමු පත්වීම ලැබූ සේවා ස්ථානයේ අවම වශයෙන් වසර 03 aනිවාර්යයෙන්ම සේවය කළ යුතුය. කෙසේ වෙතත් පත්කිරීම්බ ලධරයා විසින් තීරණය කරනු ලබන යම් සුවිශේෂි හේතූන් මත එම කාලය අවසන් වීමට පෙර යම් නිලධාරියකු මාරු කිරීමට අවශ්‍ය වන්නේ නම්, පත්කිරීම් බලධරයා හට එ් සඳහා බලය ඇත. (ඈ* මෙම පත්වීම අවුරුදු තුනක පරිවාස කාලයකට යටත් ය. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවාගෙන වසර 03ක් ඇතුළත සේවා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පළමුවැනි කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් විය යුතුය. රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 01/2014 ට අනුව හා ඊට අනුශාං ගික චක‍්‍රලේඛ අනුව තනතුරට බැඳී වසර 05 ක් ඇතුළත නියමිත රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාව ලබා ගත යුතු ය.

වැටුප.- අංක 03/2016 හා 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයට අනුව, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III, II හා I වන ශ්‍රේණිවලට අදාළ මාසික වැටුප් පරිමාණය රු. 28,940 - 10 ං 300 - 11ං350 - 10 ං 560 - 10 ං 660 - රු. 47,990ක් වන අතර එම වැටුප ඔබට හිමිවන්නේ 2020.01.01 දින සිට වේ. ඉහත චක‍්‍රලේඛයේ උපලේඛන II හි විධිවිධාන පරිදි පත්වීම ක‍්‍රියාත්මක වන දින සිට වැටුප් ගෙවනු ලැබේ. රු. 31,940 න් ඔබ්බට යාම සඳහා II වන ශ්‍රේණියට උසස් වීම ද, රු. 35,790 න් ඔබ්බට යාම සඳහා ෂ වන ශ්‍රේණියට උසස් වීම ද ලබා ගත යුතුය.

5.0 මෙම තනතුර ස්ථිර ය. මෙම විභාගයෙන් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට පත්වන නිලධාරීන්ට හිමි විශ‍්‍රාම වැටුප, විශ‍්‍රාම වැටුප්ක‍්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදි ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණය අනුව නිර්ණය කරනු ලැබේ.

සුදුසුකම්ග”රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියේ තනතුරුවලට බඳවා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකම් අදාළ වේ :

  •  ශ‍්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
  •  අයදුම්පත් භාර ගන්නා අවසාන දිනයට වයස අවුරුදු 18 ට නොඅඩු හා අවුරුදු 30ට නොවැඩි විය යුතුය.
  •  විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
  •  සෑම අපේක්‍ෂකයෙකුම දේශයේ  ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරි ඉටුකිරීමටත් ප‍්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.
  •  පහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය.
  •  සිංහල හෝ දෙමළ හෝ ඉංග‍්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයයන් හතරකට (04* සම්මාන සාමාර්ථයන් සහිතව එක් වරකදී විෂයයන් හයකින් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සමත්ව තිබීමත සහ
  •  අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ විභාගයේ දී සාමාන්‍ය පොදු පරීක්‍ෂණය හා සාමාන්‍ය ඉංග‍්‍රීසි හැර) සියළුම විෂයයන්ගෙන් එකවර සමත් ව තිබීම.
සැ. යු.”සෑම අයදුම්කරුවකුම තනතුරට අදාළ සියලූ සුදුසුකම් 2017 ජනවාරි මස 16 වැනි දින හෝ ඊට පෙර හෝ සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ.





No comments:

Post a Comment

POPULAR POSTS