රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන බහු ඛණ්ඩ 1 (MN-02-2006-A) සේවා ගණය අයත් වෙබ් ලේඛක තනතුර සඳහා බඳවා ගැනීම (Closed)
බඳවා ගැනීමේ ක්‍රමය :
01. නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතුරින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් අනුමත කරන ලද ආයතනයක් මගින් පවත්වනු ලබන ලිඛිත තරග විභාගයේ ප්‍රතිඵල මත දක්වන කුසලතා අනුපිළිවෙළ මත බඳවා ගනු ලැබේ.
1.1 ලිඛිත විභාගය
02. අවශ්‍ය සුදුසුකම් :
2.1 විවෘත බඳවා ගැනීම
2.2 බඳවා ගන්නා ශ්‍රේණිය : III ශ්‍රේණිය
2.3 අධ්‍යාපන සුදුසුකම්.-සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය, සහ තවත් විෂයයන් දෙකකට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයයන් 06කින් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ* විභාගය සමත්ව තිබීමත හා අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ* විභාගයේ දී සියලූම විෂයන්ගෙන් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) එකවර සමත්ව තිබීම
(පැරණි විෂය නිර්දේශය යටතේ විෂයන් 03කින් එකවර සමත්ව තිබීම ප්‍රමාණවත් වේ)
2.4 වෘත්තිය සුදුසුකම් :
තෘතිය හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් අනුමත ආයතන විසින් පිරිනමනු ලබන තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා තිබීම හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඊට ඉහළ සුදුසුකම් ලබා තිබීමත හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අනුමත ආයතනයකින් ලබා ගන්නා ලද ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා තිබීම හා ජන සන්නිවේදන ක්ෂේත්රයේ ඊට ඉහළ සුදුසුකම් ලබා තිබීම.
2.5 පළපුරුද්ද අදාළ නොවේ.
2.6 කායික සුදුසුකම් : සෑම අපේක්ෂකයෙක්ම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.
2.7 වෙනත් :
ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.
විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
තනතුරට බඳවා ගැනීම සඳහා 2.3 හා 2.4 අනුව අවශ්‍ය සුදුසුකම්
අයදුම්පත් කැඳවීමේ දී 2016.10.01 දිනට සෑම ආකාරයකින්ම සුදුසුකම්
සම්පූර්ණ කර තිබිය යුතුය.
04. වයස :
4.1 අවම සීමාව : අවුරුදු 18
4.2 උපරිම සීමාව : අවුරුදු 30
05. තනතුරේ ස්වභාවය :
මෙම තනතුර ස්ථිරය, විශ්‍රාම වැටුප් සහිතය. වැන්දඹු හා අනත්දරු/වැන්දඹු පුරුෂ අනත්දරු, විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක මුදල් ගෙවිය යුතුය.
06. වැටුප් :
6.1 වැටුප් කේත අංකය : ඵභ 2- 03/2016
6.2 වැටුප් පරිමාණය : රු. 28,940-10 * 300 - 11 * 350 - 10 * 560 - 10 * 660 - රු. 47,990
07. පත්වීම එක් අවුරුදු වැඩ බැලීමේ කාලයකට යටත්ය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් ලේඛක තනතුරෙහි III වන ශ්‍රේණියට බඳවා ගෙන වසර 03ක් ඇතුළත බඳවා ගැනීමේ පටිපාටියෙහි සඳහන් පරිදි පළමුවැනි කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් විය යුතුය.
08. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 07/2007 ට අනුව හා ඊට අනුශාංගික චක්‍රලේඛ අනුව තනතුරට අදාළ මට්ටමේ භාෂා ප්‍රවීණතාවය ලබාගත යුතුය.
09. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති වලටද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයටද, රජයේ මුදල් රෙගුලාසිවලටද, දෙපාර්තමේන්තුගත අනෙකුත් නියෝග වලටද මෙම පත්වීම යටත් වේ.
10. අයදුම්පත් ඉදිරිපත් කිරීම :
(i) අයදුම්පත් 2017.01.09 දිනට හෝ එදිනට ප්‍රථම රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, අංක 163, කිරුළපන මාවත, කොළඹ 05 යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කල යුතුවේ. එදිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
(II) ඉදිරිපත් කළ යුතු අයදුම්පත්‍රයේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේදනය අවසානයේ දැක්වේ. අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් A4 ප්‍රමාණයේ කඩදාසියක සකස් කර තමාගේ අත් අකුරින් සම්පූර්ණ කළ යුතුය.
(III) අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ ‘‘රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් ලේඛක තනතුර සඳහා බඳවා ගැනීම’’ යනුවෙන් සඳහන් කළ යුතුය.
(iv) මේ සමඟ ඇති ආදර්ශ අයදුම් පත්‍රයේ ආකෘතියට අනුකූල නොවන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් නැතිවීම හෝ ප්‍රමාදවීම ගැන කිසිදු පැමිණිල්ලක් භාර ගනු නොලැබේ.
No comments:
Post a Comment