අධිකරණ සේවා කොමිෂන් සභාව ක්වාසි මණ්ඩලයේ සභාපති හා සාමාජිකයින් බඳවා ගැනීම

අධිකරණ සේවා කොමිෂන් සභාව
ක්වාසි මණ්ඩලයේ සභාපති හා සාමාජිකයින් බඳවා ගැනීම සඳහා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (115 පරිච්ෙඡ්දය යටතේ අයදුම්පත් කැඳවීම

පහත සඳහන් සුදුසුකම් ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැක.
අයදුම්කරු මුස්ලිම් පිරිමියෙකු විය යුතු අතර, පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු හෝ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පිළිගත් ආයතනයක් විසින් ප‍්‍රදානය කරන ලද සහතිකයක් දරන මෞලවි කෙනෙකු හෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අල් - ආලිම් සහතිකයක් දරන්නෙකු
               හෝ
නීතිඥයෙකු හෝ ඊට සමාන වෘත්තීයමය සුදුසුකම් දරන්නෙකු හෝ විශ‍්‍රාමික රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු විය යුතු ය. දැනට රාජ්‍ය සේවයේ නියුක්තයෙකුට (අධිකරණ නිලධරයෙකු හැර* මේ සඳහා අයදුම් කළ නොහැක. )

අයදුම්කරුවන් වයස අවුරුදු 40ට වැඩි, මනා ශාරීරික යෝග්‍යතාවයෙන් යුත්, යහපත් චරිතයක් ඇති, මුස්ලිම් විවාහ සහ දික්කසාද පිළිබඳව විශේෂිත වූ ඉස්ලාම් නීතිය ගැන හොඳාකාර දැනීමක් ඇති සහ සමාජය තුළ යහපත් පිළිගැනීමක් ඇති විවාහයක් විය යුතු ය.

මෙම මණ්ඩලයේ සභාපතිවරයාට මසකට රුපියල් 15,000 ක දීමනාවක් සහ එක් රැුස්වීමකට රුපියල් 3,750 ක් බැගින් මසකට රුපියල් 15,000 ක උපරිමයට යටත්ව ගමන් වියදම් දීමනාවක්ද, සාමාජිකයකුට මසකට රුපියල් 12,000 ක දීමනාවක් සහ එක් රැස්වීමකට රුපියල් 2,000 ක් බැගින් මසකට රුපියල් 8,000 ක
උපරිමයට යටත්ව ගමන් වියදම් දීමනාවක්ද, ගෙවනු ලැබේ.

අයදුම්පත්, ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ ”ක්වාසි මණ්ඩලය” යනුවෙන්ස ඳහන් කර 2017 ජනවාරි මස 22 වැනි දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ආනන්දි කනගරත්නම්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්,
අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලැබෙන සේ එවිය යුතුය. අයදුම්පත් සමඟ ලිපි ලේඛනාදියෙහි මුල් පිටපත් එවිය යුතු නොවේ.


2016 දෙසැම්බර් මස 06 වැනි දින,
අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය,
තැ. පෙ. 573,
කොළඹ 12.















No comments:

Post a Comment

POPULAR POSTS